වෙළඳසැල් සේවකයන්ට තර්ජනය කලහොත් දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සිර දඩුවම්

සිල්ලර වෙළඳසැල් සේවකයන්ට පහරදෙන සහ විවිධ තර්ජන එල්ල කරන පුද්ගලයන්ට සිර දඩුවම් නියම කෙරෙන නව නීති මාලාවක් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව පොලිස් නිළධාරීන්ට හෝ සෞඛ්‍ය සේවකයන්ට පහරදීමකදී හිමිවන දඩුවම් හා සමාන අයුරින් වසර 07 ක උපරිම සිර දඩුමකට යටත්වීමට එවැනි වරදකරුවන්ට සිදුවනු ඇති.

කොවිඩ් වසංගතය එළැඹීමත් සමග වෙළඳසැල් තුළදී හඳුන්වා දෙනු ලැබු විවිධ රෙගුලාසි සඳහා පාරිභෝගිකයන්ගෙන් ඇතැමුන් එකග නොවීම හමුවේ සේවකයන්ට එල්ලවන පහරදීම්වල ඉහළයාමක් දක්නට ලැබෙන බව සඳහන්.

මෙම නව නීති ඉදිරියේදී ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත් නව නීති ලෙස ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර යෝජිත නීති මගින් ආවරණය වනුයේ සිල්ලර වෙළඳසැල් සේවකයන් අතුරින් කොටසක් පමණක් බවටද චෝදනාවක් එල්ල වනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »