ලංකාවෙන් යන රටවිරුවන්ට කටුනායකදී නව පහසුකමක්

ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහාම වෙන්වූ විශේෂ පිවිසුම් දොරටුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී විවෘත කර තිබෙනවා.

Hope Gate ලෙස නම් කර ඇති ඒ හරහා ඉදිරියේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතයි.

කටුනායක ගුවන්තොටුපොලෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයන්ට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා මෙම නව පිවිසුම් දොරටුව භාවිත කල හැකියි.

ප්‍රභූන්ට ගුවන් තොටුපළේදී ලැබෙන වීඅයිපී පහසුකම විගමනික ශ්‍රමිකයන්ටත් එලෙසින් ම ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙහිදී සඳහන් කලා.

විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප ලබාදීමේ ක්‍රමය ලබන සතිය වනවිට ආරම්භ කරන බවත් විශේෂ නිවාස ණය වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කියාසිටියා.

කෙසේවෙතත් මෙම සියලු පහසුකම් හිමිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වු පිරිසට පමණක් වීම විශේෂත්වයක්.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »