Australia day වෙනස ගැන මෙල්බන් ඉල්ලීම ෆෙඩරල් රජයට

ඔස්ටේ්‍රලියා දිනයේ වෙනසක් සම්බන්ධයෙන් ෆෙඩරල් රජයෙන් නිල ඉල්ලීමක් සිදුකිරීමට මෙල්බන් නාගරික කවුන්සිලය තීරණය කර තිබෙනවා.

පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව සහ අනෙකුත් සැමරුම් ජනවාරි 26 වනදා පැවැත්වීම අඛණ්ඩව සිදුකිරීමටත් ඔස්ටේ්‍රලියා දිනය සැමරීම වෙනත් දිනයකදී සිදුකල යුතු බවත් ඔවුන්ගේ යෝජනාවයි.

මෙල්බන් පදිංචි පුද්ගලයන් සහ නගරයේ ස්ථාපිත ව්‍යාපාරික ආයතන යන දෙකොට්ඨාශයේම 1600 කගේ සහභාගීත්වයෙන් සිදුකල සමීක්ෂණයකදී ලැබුණු ප්‍රථිඵලයක් මතයි මෙල්බන් නාගරික කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදී සියයට 60 කට ආසන්න පිරිසක් පවසා තිබුණේ ඔස්ටේ්‍රලියා දිනය ජනවාරි 26 වනදායින් බැහැර වෙනත් දිනයක පැවැත්වීම යෝග්‍ය බවටයි.

කෙසේවෙතත් මේ සම්බන්ධ අවසාන තීරණයක් ගැනීම සිදුකල යුතු වන්නේ ෆෙඩරල් රජය විසිනුයි.

මේ සම්බන්ධයෙන් මෙල්බන් නාගරික කවුන්සිලය ලබන අගහරුවාදා රාත්‍රියේ යළිත් රැස්වී සාකච්ඡා කරනු ඇති.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »