
ඉදිරි කාල වකවානුවලදී ඔස්ටේ්‍රලියානුවන්ට අනපේක්ෂිත ලෙස විදුලි කප්පාදුවලට මුහුණදීමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ගල් අගුරු ජනන යන්ත්‍ර අක්‍රීය කිරීම සහ ඉල්ලුම ඉහළයාම ඊට ප්‍රධාන හේතුවයි.
මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇතැයි අනතුරු ඇගවෙන්නේ දකුණු ඔස්ටේ්‍රලියා සහ වික්ටෝරියා ප්‍රාන්තවලට බවයි පැවසෙන්නේ.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය සිය විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගැනීමට සැළසුම් කර ඇත්තේ සුළං බලය සහ සූර්ය ශක්තිය උපයෝගී කරගනිමිනුයි.
කෙසේවෙතත් ලබන වසරේ අග භාගය වනවිට ඔවුන්ද, 2024 අවසානය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

රුසියා – යුක්රේන අර්බුදය ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ බලශක්ති ගාස්තු මේ වනවිට කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.