
ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 13 ඉක්මවූ ළමුන්ට පවා රැකියාවල නිරතවීමට අවසර හිමිවන පරිදි නීති සංශෝධනය කරන්නැයි ව්‍යාපාර හිමියන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සේවක හිගය මග හරවාලීමේ අරමුණ ඇතිව එම ඉල්ලීම සිදුකරන බවයි ඔස්ටේ්‍රලියානු සිල්ලර වෙළඳසැල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.
මේ අනුව දැනට එක් එක් ප්‍රාන්තය විසින් බලාත්මක කර ඇති ළමා මෙහෙකාර නීති සංශෝධනය කර මුලු රටටම බලපාන පරිදි තනි නීතියක් ක්‍රියාවට නංවන ලෙසද ඔවුන් ඉල්ලීමක් සිදුකරනවා.

අවුරුදු 13 ත් 15 ත් අතර ළමුන්ට පාසල් නොමැති දිනවල හෝ පාසල් වේලාවෙන් පසු අර්ධ කාලීන රැකියාවක් ලෙස මෙලෙස රැකියාවක නිරතවිය හැකි බවයි ව්‍යාපාර හිමියන් පෙන්වා දෙන්නේ.
දැනට ඔස්ටේ්‍රලියාව පුරා සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව රැකියා 40,000 ක් පමණ පවතින බව සඳහන්.

අද සහ හෙට කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුවේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිතයි.