Search

දහම් සිරිසේනට ලොකු තනතුරක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේන පොළොන්නරුව බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා.

දහම් සිරිසේන පවසන්නේ තමා කෙරෙහි විශ්වාසයය තැබූ සියලූ දෙනාගේ විශ්වාසය උපරිම අයුරින් ආරක්ෂා කරමින්, නිදහස් පක්ෂය විසින් ලබාදුන් වගකීම ඉටුකරමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් සිදු කරන බවයි

මෙම තනතුරට අදාල පත්වීමේ ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අතින් ලබා ගන්නා ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

“පොළොන්නරුව බටහිර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස අද දින පත්විම ලබාගතිමි. අද දින මා ඇතුලු පොළොන්නරුව දීස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයන්හි පත්විම් ලැබු සෙසු අය පිළිබදවද විශ්වාසය තැබු පක්ෂ සභාපතිතුමන් ඇතුලු සියලු නායකයන්ට මා ස්තුතිවන්ත වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මා හට ලබාදුන් මෙම වගකීම ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරිමට රුකූලක් වනු ඇතැයි මා විශ්වාස කරමි”

ඔහු මීට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »