Search

GL ඇතුලු පොහොට්ටු මන්ත්‍රී 12 ක් විපක්ෂයේ අසුන් ගනී

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.

ඊට පෙර පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් විශේෂ ප්‍රකාශයක් ද සිදුකරනු ලැබුවා.

මෙලෙස විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් වූයේ මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර,

වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උද්‍යාන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනායි.

අද පාර්ලිමේන්තුවේ දී 2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදය ඇරඹීමට නියමිතයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »