
ප්‍රාන්ත දෙකෙහි සෞඛ්‍ය සේවා නංවාලීමට අදාළව වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරුන් විසින් තීරණාත්මක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ යටතේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 25 ක් බැගින් ප්‍රාන්ත දෙකෙහිම පිහිටුවීමට නියමිතයි.
රෝහල් හදිසි ප්‍රතිකාර අංශ සඳහා අනෙක් ප්‍රාන්තයට අනුයුක්ත වෛද්‍යවරුන් පවා ගෙන්වා ගත හැකිවීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයක් වනවා.

Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයන්ට පවා මෙම සෞඛ්‍ය පහසුකම් ලබා ගත හැකි වීම ප්‍රධාන කරුණු අතරට අයත්.
වැඩිපුර පැය ගණනක් මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කර ඇත්තේද සෞඛ්‍ය පද්ධතියේ ඇති පීඩනය අවම කිරීම සඳහායි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම නව ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට යෝජනා වී ඇත්තේ පහත ස්ථානවලයි.
Frankston Hospital, Bendigo Hospital, Casey Hospital, Albury Wodonga Health, Austin Hospital, Alfred Hospital, Dandenong Hospital, Latrobe Regional Hospital, Werribee Mercy Hospital and Box Hill Hospital.