
2048 වසරේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී යළිත් ප්‍රකාශ කලා.
ඒ අතුරු අයවැය ඉදිරිපත් කරමින්.
එහිදී යෝජනා කල නව යෝජනා පහත පරිදි වේ :

* 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.
* එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.

* පසුගිය කාල සීමාවේදී හඳුන්වා දුන් බදු යෝජනා රැසක් ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට බලාත්මක කෙරේ.
* වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.
* රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.
* ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා පොසිල ඉන්ධන මත ධාවනය වන වාහන මිලදී නොගනු ලබන අතර ඉලෙක්ට්‍රොනික වාහන පමණක් මිලදී ගැනීමට තීරණය කර ඇත.
* තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා
* කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා.
* ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීමට යෝජනා.
* සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා.
* ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500/= ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා.
* ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා