මාස 05 න් A/L ලිව්ව 09 වසරේ පුංචි කොල්ලා ඉහළින්ම පාස්

වයස අවුරුදු 14 දී 09 වසරේ දී උසස් පෙළ විභාගයට මුහුණදී සමත් වූ හපනෙකු පිළිබඳව පුවතක් වාර්තා වුනා.

මෙලෙස මෙවර උසස් පෙළ විභාගයට මුහුණදී සමත්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි දෙවුම් සනහස් රණසිංහ නමැති දරුවාය.

දෙවුම් සනහස් වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඔහු B සාමාර්ථ 03 ක් ලබාගනිමින් විභාගය සමත්ව තිබේ.

මාස 05ක පමණ කෙටි කාලයකදී විභාගය සඳහා සූදානම් වී මෙම සුවිශේෂී සාමාර්ථය ලබාගත් බව දෙවුම් පවසයි.

දෙවුම් සනහස් 08 වසරේ ඉගෙනුම ලබමින් සිටියදී මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

මාස 07ක් පමණ කෙටි කාලයකදී ඒ සඳහා සූදානම් වී ඇති දෙවුම් සනහස් සාමාන්‍ය පෙළ විභාගයද විශිෂ්ඨ ලෙස සමත් වී තිබේ.

එහිදී ඔහුගේ ප්‍රතිඵලය වී ඇත්තේ A සාමාර්ථ 5ක් , B සාමාර්ථ 2ක් සහ එක්‌ C සාමාර්ථයකි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »