
පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන්ට සහන හිමිවන නව වැඩපිළිවෙලක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදී තිබෙනවා.
ලබන මාසයේදී ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය නීතියක් ලෙස සම්මත කර ගැනීමටද නියමිතව තිබෙනවා.
එහි ඇති ප්‍රධාන විශේෂත්වය වන්නේ මුද්දර ගාස්තුවලින් මුදා හැරීමයි.

ලබන වසරේ ජනවාරි 16 වනදා සිට නව වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
වයස අවුරුදු 18 ට වැඩි පළමු වරට නිවසක් මිළදී ගන්නා සියල්ලන් මිට සුදුසුකම් ලබන අතර නිවසෙහි වටිනාකම ඩොලර් ලක්ෂ 15 ක් හෝ ඊට අඩු අගයක් ගත යුතුයි.

ඔස්ටේ්‍රලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් මේ සඳහා අයදුම් කල හැකි බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසන්නේ.