ශ්‍රී ලන්කන් විකිණීම ඇරඹේ

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ 49%ක් කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් 49%ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ 51%ක බහුතර කොටස් රජය සන්තකයේ තබාගනිමින් ඉතිරි 49%ක කොටස් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.

මෙහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.126 ක් වන බවත් එය රුපියල්වලින් බිලියන 401 ක් බවයි.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »