වික්ටෝරියා සිල්ලර අලෙවියෙන් තවත් වාර්තාවක් තියයි

මාස 04 කට පසු ඔස්ටේ්‍රලියාවේ ඉහළම සිල්ලර අලෙවි පිරිවැටුම ජූලි මාසයේදී සටහන්වී තිබෙනවා.

මැයි මාසයේදී සියයට 0.7 ක් / ජූනි මාසයේදී සියයට 0.2 ක් ලෙස පැවති පිරිවැටුම ජූලි මාසයේදී සියයට 1.3 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

අවසන් වරට මෙතරම් ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු මාසයේදී සියයට 1.6 ක් ලෙසයි.

එක් එක් ප්‍රාන්තයේ පිරිවැටුම ඉහළ යාම සටහන්වී තිබුණේ පහත අන්දමිනුයි.

Victoria (1.8 per cent), the Australian Capital Territory (1.8 per cent), Western Australia (1.6 per cent), New South Wales (1.3 per cent), South Australia (1.2 per cent), the Northern Territory (0.7 per cent) and Queensland (0.4 per cent).

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »