ලේබර් රජයට දින 100 යි – අගමැතිගෙන් නව රැකියා ඉගියක්

Anthony Albanese

මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ජයගැනීමෙන් පසු පිහිටුවන ලද ඇන්තනී ඇල්බනීස්ගේ අගමැති ධුරයෙන් යුත් ලේබර් පක්ෂ රජයට අදට දින 100 ක් ගතවනවා.

ඒ වෙනුවෙන් අගමැතිවරයා විසින් අද පෙරවරුවේ National Press Club හිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කැන්බරා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රැකියා සහ කුසලතා සමුලුව පිළිබඳවයි.

නව රැකියා – වැටුප් – පුහුණු ශ්‍රමික හිගය වැනි කරුණු රැසක් කෙරෙහි එහිදී අවධානය යොමු කරන බවයි ඇන්තනී ඇල්බනීස් මෙහිදී කියාසිටියේ.

ඉදිරි සාර්ථක ගමනක් වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම ගතවූ දින 100 තුළදී තැබීමට ලේබර් පක්ෂ රජයට හැකිවූ බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.

කොවිඩ් වසංගතය එළඹීමට පෙර 2020 වසරේ මාර්තුවේ පැවති තත්වයට රට ගෙන යා යුතු බවයි ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.

සියල්ලන්ට සම අයිතිවාසිකම් හිමිවන ඔස්ටේ්‍රලියාවක් බිහි කිරීමට පියවර ගන්නා බවටත් අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වුණා.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »