ආසියානු කුසලාන පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජය කරමින් කඩුලු 08ක ජයග්‍රහණයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුවා.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩයම පන්දු ඕවර 19.4ක් තුලදී සියලු දෙනා දැවී ලකුණු 105ක් රැස් කර ගැනීමට සමත්වූවා.

එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38ක්, චාමික කරුණාරත්න ලකුණු 31ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුවා.

එම පිතිකරුවන් තිදෙනා හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 05ක් ඉක්මවා රැස් කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්න ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන පිලේ ස්ෆ්ලාක් ෆාරුකි ලකුණු 11කට කඩුලු 03ක් දවා ගනු ලැබූ අතර මොහොමඩ් නබි සහ මුජිබ් අර් – රෙහෙමාන් කඩුලු 02 බැගින් දවා ගනු ලැබුවා.

ලකුණු 106 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් සිය ඉනිමේ තවත් පන්දු 59ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රාහණය කරනු ලැබුවේ කඩුලු දෙකක් පමණ අහිමිකර ගනිමින්.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »