විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ තම දරු දෙදෙනා ද සමඟයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෑතක දී ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ප්‍රශ්න කරනු ලැබීය.
එම සිද්ධිය වූ අවස්ථාවේ ඇය එම ස්ථානයේ සිටි බවට ලද තොරතුරක් මත එම ප්‍රශ්න කිරීම සිදු කරන ලදී.
-LANKA C NEWS-