සේවක වැටුප් ගැන ඇල්බනීස් රජය ගන්න යන අලුත්ම තීරණය

DOLLAR-MONEY.

ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශවයටම සමාන වැටුප් තල හිමිවන පරිදි පණත සංශෝධනය කිරීමට ඇන්තනී ඇල්බනීස් රජය සූදානම් වනවා.

aged care – early childhood වැනි කාන්තාවන් ප්‍රමුඛව කටයුතු කරන ක්ෂේත්‍රවලදී ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමයි එහි මූලික අරමුණ වී ඇත්තේ.

එමෙන්ම සේවකයන් 250 ට වැඩි පිරිසක් සිටින ආයතනවල ස්ත්‍රී – පුරුෂ සේවක සේවිකාවන්ට හිමිවන වැටුප් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට බල කිරීමටද යෝජිත සංශෝධන හරහා බලතල පැවරෙනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ක්ෂේත්‍රවල ස්ත්‍රී – පුරුෂ වැටුප් පරිතරය සියයට 14 ක් හෙවත් සතියකට ඩොලර් 250 ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.

එය දැඩි අසාධාරණයක් බවටයි සිවිල් සංවිධාන ගණනාවක් චෝදනා කර තිබුණේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »