රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් තැබීය.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.

2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය.

තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ  සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත්  සඳහන් කර තිබේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »