මොරිසන්ට එරෙහි විමර්ශනය ඇරඹෙයි – වාර්තාව නොවැම්බර් 25

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධුර 05 ක දිවුරුම් දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කරනවා.

හිටපු මහාධිකරණ වනිසුරුවරියක වන වර්ජිනියා බෙල් විසින් එම විමර්ශනය සිදුකරන බවයි අගමැති ඇල්බනීස් සඳහන් කලේ.

කිසිදු දේශපාලන මැදිහත්විමකින් තොරව මෙම විමර්ශනය පවත්වන බව අගමැතිවරයා අවධාරණය කලා.

මෙහි වාර්තාව නොවැම්බර් 25 වනදා ලබාගැනීමට නියමිතයි.

ඉදිරියේදී මෙවැනි වාතාවරණයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඊට අන්තර්ගත වනු ඇති.

මෙය කිසිදු ආකාරයක දේශපාලන පළිගැනීමක් නොවන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »