ලියුම් අඩුවුණත් Australia Post ආදායම ඉහළට

ගතවූ මාස 12 දී Australia Post ඩොලර් බිලියන 8.97 ක ආදායමක් වාර්තා කර තිබෙනවා.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොවිඩ් තත්වය හමුවේ අති විශාල පිරිසක් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ගෙන්වා ගැනීමයි.

මෙම ආදායමෙන් ඩොලර් බිලියන 7.2 ක් ම උපයා ඇත්තේ පාර්සල් බෙදා හැරීමෙනුයි.

කෙසේවෙතත් ගතවූ මාස 12 සැළකීමේදී ඔස්ටේ්‍රලියානුවන්ගේ ලිපි ගණුදෙනු සියයට 04 කින් අඩුවී ඇති අතර බොහෝ පිරිසක් විද්‍යුත් සන්නිවේදන කටයුතු සඳහා පෙළඹි ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

මෙම කාලසීමාවේ බෙදා හරින ලද ලිපිවලින් සියයට 97 ක්ද රජයේ කාර්යාල හෝ ව්‍යාපාරික ස්ථාන විසින් යොමුකරන ලද ඒවා බවද සඳහන්.

මේ අතර ලබන ජනවාරියේ සිට තැපැල් ගාස්තු ඉහළ දැමීමටද Australia Post තීරණය කර ඇතැයි පසුගියදා වාර්තා වුණා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »