Search

ඔස්ටේ්‍රලියාවේ පාස්පෝට් පැමිණිලි සීඝ්‍රයෙන් ඉහළට

විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ඔම්බුඩ්ස්මන්වරයාට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙම මාසයේදී මේ දක්වා කාලය තුළ පැමිණිලි 42 ක් ලැබී ඇති බව නවතම සංඛ්‍යාලේඛණවල සඳහන්.

ජූලි මාසයේදී පැමිණිලි 81 ක් හිමිවී ඇති අතර පසුගිය වසරේ ජූලි සිට මේ වසරේ ජූනි දක්වා කාලයේදී ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 649 ක්.

මේ වනවිට දිනකට විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය වෙත අයදුම්පත්‍ර 15,000 කට ආසන්න සංඛ්‍යාවක් හිමිවන බව සඳහන්.

එහෙත් ඇතැමුන්ට විදේශ ගමන් බලපත්‍රය ලැබීමට මාස 04 කට වැඩි කාලයත් ගතවන බවටත් වාර්තා පළවනවා.

ඔම්බුඩ්ස්මන්වරයාට ලැබෙන පැමිණිලි අතුරින් බහුතරයක දැක්වෙන්නේ නිසි කලට විදේශ ගමන් බලපත්‍රය නොලැබීම නිසා සිය සංචාර අවලංගු කිරීමට සිදුවු බවටයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »