සුදුසුකම් ලත් Aged care සේවා සපයන්නන් සඳහා අමතර අරමුදල්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සුදුසුකම් ලත් aged care සේවා සපයන්නන් සඳහා අමතර අරමුදල් ලබා දී තිබෙනවා.

Residential aged care නිවාස සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ සහ Rapid Antigen පරීක්ෂණ කට්ටල සැපයීම දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව සිදු කිරීමට ද මධ්‍යම රජය තීරණය කලා.

මේ අතර COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාව තුළ අවයව පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීමේ ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑ බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුබසාධන ආයතනය සිය නවතම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

2019 ට සාපේක්ෂව 2020 දී මියගිය පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු බද්ධ කිරීම් 18% කින් පහත වැටී ඇති බව එහි සඳහන්.

2020 ට සාපේක්ෂව 2021 දී එහි 6.8% ක තවදුරටත් අඩුවීමක් දක්නට ලැබෙනවා.

-SBS-

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »