ආබාධිත ලාංකික වෛද්‍යවරයාට ඔස්ටේ්‍රලියාවේදී කෙණෙහිළි

ක්වීන්ස්ලන්ඩ් ඉතිහාසයේ quadriplegia නම් ආබාධ තත්වයෙන් පෙළෙන පළමු වෛද්‍ය ආධුනිකයා බවට පත්වූ වත්මන් වෛද්‍ය දිනේෂ් පළිපාන රථවාහනය නතර කිරීමේ නීති ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඔහුට පසුගිය දිනකදී ඩොලර් 88 ක දඩයක් පණවා ඇත්තේ පුද්ගලික ස්ථානයක වාහනය නතර කර ඇතැයි චෝදනා කරමින්.

කෙසේවෙතත් තමන්ට disabled parking permit එකක් ඇති බවයි වෛද්‍ය දිනේෂ් පලිපාන විසින් Care Park වෙත කරන ලද පැමිණිල්ලක දක්වා ඇත්තේ.

අදාළ මාර්ගය නගර කවුන්සිලයක් විසින් පාලනය කරන ලද්දක් බවට තමන් විශ්වාස කර සිටි බවයි ඔහු සඳහන් කරන්නේ.

තමාට එරෙහි දඩය ඉවත් කරන්නැයි Care Park බළධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වූ බවත් ඔහු සඳහන් කලා.

අදාළ මාර්ගය ආරම්භක ස්ථානයේදීම එය පුද්ගලික පාරක් ලෙස දැක්වෙන පුවරුවක් සවිකර තිබීම ඊට හේතුවයි.

ගෝල්ඩ් කෝස්ට් නගරාධිපතිවරයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති අතර ඔහු පවසා ඇත්තේ දඩය ඉවත් කල යුතු බවයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »