ඔස්ටේ්‍රලියාවේ මුද්දර ගාස්තු ඉහළට

මුද්දර ගාස්තු ඉහළ දැමීමට Australia Post තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පවතින ඩොලර් 1.10 ක් වන අවම ගාස්තුව ඩොලර් 1.20 ක් දක්වා ඉහළ දැමීමට නියමිතයි.

ලබන ජනවාරි මාසයේ සිට මෙම ගාස්තු ඉහළ දැමීම බලාත්මක වන අතර ඊට අදාළ අදහස් හා යෝජනා භාර ගැනීම මේ දිනවල සිදුවනවා.

ග්‍රෑම් 125 ක උපරිම බරක් ඇති විශාල ප්‍රමාණයේ ලියුමක් ඩොලර් 2.20 සිට 2.40 දක්වාද ග්‍රෑම් 125 – 250 අතර පාර්සලයක් සඳහා වන ගාස්තුව ඩොලර් 3.30 සිට 3.60 දක්වාද ඉහළ දැමෙනු ඇති බව සඳහන්.

මහජන අදහස් හා යෝජනා මත මෙම ගාස්තු අඩු වැඩි විය හැකි බවද Australia Post නිවේදනය කරනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »