දැඩි හිමපතනයෙන් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා මාර්ග රැසක් අවහිරයි

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රාදේශීය ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ දැඩි හිමපතනයක් වාර්තා වී තිබෙනවා.

ඒ හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුලු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයද පැය කිහිපයක් පුරා ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.

The Great Western Highway ද ඒ අතර වුණා.

කෙසේවතත් වසා දමා තිබූ මාර්ග රැසක් මේ වනවිට නැවතත් විවෘත කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් හි Blue Mountains ආශ්‍රිත මාර්ග කිහිපයකද හිම පතනය හමුවේ මාර්ග අවහිරතා එල්ල වී තිබුණා.

වික්ටෝරියා හි ප්‍රාදේශීය කලාප කිහිපයකද දැඩි හිමපතනය හමුවේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබූ බව සඳහන්.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »