7-Eleven ඩොලරයේ කෝපි කෝප්පයේ මිළ දෙගුණයකින් ඉහළට

තම ජනප්‍රිය ඩොලරයේ කෝපි කෝප්පයේ මිළ දෙගුණයකින් ඉහළ දැමීමට 7-Eleven වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට සාමාන්‍ය කෝපි කෝප්පයක මිළ ඩොලර් 02 දක්වා ඉහළ යන අතර Slurpee – අයිස් කෝපි සහ හොට් චොකලට් මිළ ගණන්ද ඉහළ දැමෙනු ඇති.

7-Eleven පවසන්නේ මෙලෙස සිය කෝපි මිළ ගණන් වැඩි කෙරෙනුයේ වසර 13 කට පසුව බවයි.

ගෝලීය සැපයුම් මිළ ගණන් ඉහළ යාම මීට හේතුවී ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

කෙසේවෙතත් Coles සහ Woolworths යන සුපිරි වෙළඳ සැල් ජාලයන් පෙරේදා නිවේදනය කලේ සිය නිෂ්පාදන 1000 කට ආසන්න සංඛ්‍යාවක මිළ අඩු කිරීමට හෝ වැඩි නොකර පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

 

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »