වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වැළඳුනහොත් ඔවුන් ගෙන් දඩ මුදල් අය නොකිරීමට පියවර! Victorian rulebreakers will not be fined for confessing to coronavirus contact tracers!

නීති උල්ලංගනය කරමින් රැස්වන වික්ටෝරියානුවන් සඳහා දැන් ඩොලර් 4,957 ක දඩයකට යටත් වේ. එය ඩොලර් 1,652 සිට වැඩි වීමකි. කොරෝනා ආසාදන සංඛ්‍යාව අඩු කිරීමට සහ නැවත වික්ටෝරියා ප්‍රාන්තය යථා තත්වයට පත් කිරීමට රජය මෙම පියවර ගෙන ඇත​.

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Daniel Andrews වික්ටෝරියානුවන්ට සහතික කර ඇත්තේ කොරෝනා නීති කඩන්නන්ට කොරෝනා වයිරසය වැළඳී ඇත්නම් සහ ඔවුන් සීමාවන් උල්ලංගනය කර ඇති බවට පිළිගෙන ඒ හා ආශ්‍රිතව සම්බන්ධතා (contact tracers) හෙලි කරන පුද්ගලයින් ගෙන් දඩ මුදල් අය නොකරන බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ මෙලෙස​ COVID-19 වැළඳුන​ පුද්ගලයින් සඳහා විශාල දඩ මුදල් නියම කලහොත් ඔවුන් කිසි ලෙසකත් ඇත්ත හෙලි නොකරන බවයි.

 

 

 

COMMENTS