Search

ගෝඨාට නිදහසේ ලංකාවට එන්න ඉඩ දෙන්නැයි නිර්දේශ

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූලව හිමිවන ආරක්ෂාව පිළිබඳව රජයෙන් සහතිකයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂට ආපසු පැමිණිමට නොහැකි වී ඇති බවට සඳහන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඕනෑම පුරවැසියෙකුට ආපසු සිය රටට පැමිණිම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමින් මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

කොමිසම ජනාධිපතිවරයට නිර්දේශ කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති තර්ජන සම්බන්ධයෙන් නිසි පියවර ගෙන හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකුලව හිමිවන ආරක්ෂාව ලබාදී ආපසු දිවයිනට පැමිණිමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ සමාජිකයින්ට ද යළි රටට පැමිණිම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »