
හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් අමාත්‍ය ධුර 05 ක වගකීම් දැරීමේ සිදුවීමට අදාළව ලැබුණූ නීති උපදෙස් හෙට දිනයේදී මහජනතාවට ප්‍රසිද්ධියට පත් කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් අද පෙරවරුවේ තමාට සහ කැබිනට් මණ්ඩලයට හිමිවූ බවයි අගමැතිවරයා කියාසිටියේ.
2020 වසරේ මැයි සහ 2021 වසරේ අප්‍රේල් යන කාලය අතරතුරදී එවක අගමැති ස්කොට් මොරිසන් විසින් සෞඛ්‍ය – මුදල් – භාණ්ඩාගාර – ස්වදේශ කටයුතු සහ විද්‍යා හා සම්පත් යන අමාත්‍යධුරවල රහසිගතව දිවුරුම් දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එවක කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කිරීමකින් තොරව සිදුකල මෙම කාර්ය හේතුවෙන් දචැනට දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂය අභ්‍යන්තරයෙන්ම මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත්තේ.
නීතිපති උපදෙස් ප්‍රසිද්ධියට පත් කිරීම ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉතා විරල ලෙසයි සැළකෙන්නේ.
