පුහුණු ශ්‍රමික හිගය ගැන අගමැති ඇල්බනීස් කථා කරයි

ඔස්ටේ්‍රලියාවේ ජාතික නිපුණතා සතිය අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ වෙනුවෙන් සිඩ්නි නුවර පැවති වැඩසටහනේදී අදහස් දක්වමින් අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ ඔස්ටේ්‍රලියාවට නිපුණතා ශ්‍රමිකයන් විශාල වශයෙන් අවශ්‍ය කාලසීමාවක් උදාවී ඇති බවයි.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් නොසළකා හැරි පුහුණු ශ්‍රමික ගැටලුව විසඳීමට වත්මන් ෆෙඩරල් රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි මෙහිදී අදහස් දැක්වූ නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඔ-කොනර් සඳහන් කලේ.

Jobs and Skill Australia නමින් නව ආයතනයක් පිහිටුවීම එහි එක් පියවරක් පමණක් බවද ඔහු සඳහන් කලා.

පුහුණූ ශ්‍රමික ගැටලුව විසඳාලීමේ අරමුණ ඇතිව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් ලබන සතියේදී රැකියා සමුලුවක් පැවැත්වීමටද පියවරගෙන තිබෙනවා.

සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් මීට සහභාගීවීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »