Woolworths අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 400 ක මිළ පහත දමයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 400 කට වැඩි සංඛ්‍යාවක මිළ ගණන් පහත දැමීමට Woolworths තීරණය කර තිබෙනවා.

ඉහළ යන උද්ධමනය සහ ජීවන වියදම හමුවේ පාරිභෝගිකයන්ට කිසියම් සහනයක් සැළසීම එහි අරමුණ බවයි ඔවුන් නිවේදනය කලේ.

ලබන 24 වනදා සිට නොවැම්බර් 29 වනදා දක්වා මෙම මිළ අඩු කිරීම් බලාත්මක වනු ඇති.

කෝපි – චීස් – පාන් – බටර් – විටමින් වර්ග – යෝගට් ඇතුලු ආහාර වර්ග ගණනාවක් මේ අතර වනවා.

මේ අතර අද නිකුත් වූ වාර්තාවක දැක්වුණේ බැංකු කාඩ්පත් මගින් ගණුදෙනු කල ඔස්ටේ්‍රලියානුවන් 1/5 කගේ පමණ එම ගණුදෙනු පසුගිය මාස 03 දී ප්‍රතික්ෂේප වී ඇති බවයි.

බැංකු ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැතිවීමයි ඊට හේතුව වන්නේ.

සුපිරි වෙළඳසැල් – ඉන්ධන පිරවුම්හල් – අවන්හල් වැනි ස්ථානවලදී ගණුදෙනු සිදුකල පාර්භෝගිකයන් සියයට 19 ක් මෙම තත්වයට මුහුණ දී තිබුණා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »