වික්ටෝරියා සෞඛ්‍ය තදබදය අවම කරන්න අලුත් වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 05 ක් පිහිටුවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වැය කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 14.3 ක් බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

මෙම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සතියේ දින 07 ම ක්‍රියාත්මක වන අතර දිනකට පැය 16 ක කාලයක් විවෘතව පවතිනවා.

ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදය අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ අනුව හදිසි සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙත පිවිසීමකින් තොරව අදාළ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන මගින් සේවා ඉටු කර ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවනු ඇති.

දරුණු හා බරපතල නොවන රෝගී අවස්ථා සඳහා පමණක් මෙම නව මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර කෙරෙන බවද සඳහන්.

පහත රෝහල් ආශ්‍රිතවයි මෙම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතව ඇත්තේ.

Royal Melbourne Hospital, Northern Hospital Epping, Sunshine Hospital, Monash Medical Centre Clayton, and Grampians Health Ballarat.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »