වසර ගණන් ඔස්ටේ්‍රලියාවේ රැකියා සෙවු අයට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාව තුළ දීර්ඝ කලක් රැකියා නොමැතිව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව (Long-term unemployment) සීඝ්‍රයෙන් පහළ යන බව සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පවසනවා.

Long-term unemployment ලෙස සැළකෙන්නේ සති 52 කට වැඩි කාලයක් රැකියාවක් නොමැතිව සිටීමයි.

මේ වනවිට එවැනි පුද්ගලයන් 128,000 ක් පමණ මෙරට සිටින බව සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.

කෙසේවෙතත් එය දැක්වෙන්නේ 2013 වසරෙන් පසුව සටහන් වන අඩුම අගය ලෙසයි.

කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 වසරේ පෙබරවාරි මුල් සතියේදී එම අගය 253,000 ක් පමණ ලෙස පැවති අතර එය දැක්වුණේ 1994 වසරෙන් පසු සටහන්වූ වැඩිම දීර්ඝ කලක් රැකියා නොමැති සංඛ්‍යාව ලෙසයි.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර රැසක රැකියා බිහිවීමත් සමග වරැකියා අනුපාතය කැපී පෙනෙන ලෙස පහළයාමයි මීට හේතුවී ඇත්තේ.

 

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »