අද දින ඕස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා රෝගීන් ගණන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්!

අද දින ඕස්ට්‍රේලියාවේ වැඩිම කොරෝනා රෝගීන් ගණන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්! Today’s highest number of coronavirus cases recorded in Western Australia!

බටහිර ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති Patricia Oldendorff තොග ප්‍රවාහන නෞකාවේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්තා වී ඇති බවට​ බලධාරීහු සනාථ කරති. ඒ අනුව​, පසුගිය සතියේ පිලිපීනයේ මැනිලා සිට පැමිණි මෙම යාත්‍රාව සම්බන්ධ කොරෝනා රෝගීන් 17 ක් මේ වන විට තහවුරු වී තිබේ.

ආසාදිත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකු යාත්‍රාවේ රැඳී සිටින අතර අනෙක් 10 දෙනා හෝටල් නිරෝධායනයේ සිටිති.