
ඔස්ටේ්‍රලියාවට කොකේන් කිලෝ 188 ක් ගෙන ඒමේ සිද්ධියකට වරදකරුවෙකු වූ තැනැත්තෙකුට වසර 09 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
සිඩ්නි හි පදිංචි 50 හැවිරිදි අයෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේදීයි.
සැකකරු මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කොකේන් තොගයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 47 ක් බවට මේ වනවිට තක්සේරු කර තිබෙනවා.
සැකකරු විසින් චෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුවයි දඩුවම් නියම කර ඇත්තේ.
