
සේවයෙන් සමුගෙන යන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙනුවෙන් සාදයක් පැවැත්වූ වික්ටෝරියා නිරෝධායන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දඩ නියම නොකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.
පසුගිය වසරේ ජූනි 04 වනදායි මෙම සිදුවීම වාර්තා වී තිබුණේ.
කෙසේවෙතත් බොහෝ සේවකයන් සාදයේ රැඳී සිට ඇත්තේ පැයකටත් අඩු කාලයක් බැවින් දඩ නියම කිරීමක් අවශ්‍ය නොවන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය දන්වා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ ඇතැම් නිරෝධායන සේවකයන් මේ වනවිටත් ඉවත් ගොස් ඇති බවද සඳහන්.
අදාළ කාලයේ වික්ටෝරියා නිරෝධායන මූලස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබුණා.
