ගෝඨා ට නිදහසේ ලංකාවට එන්න දෙන්න – බැසිල් රනිල්ගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පස්වරුවේ පැවති හමුවකදීයි පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වුණා.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණීම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වත්මන් ජනාධිපතිවරයා ඇතුලූ රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවයි බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී තිබුණා.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ රුවන් විජයවර්ධන යි සහභාගී වී ඇත්තේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »