ප්‍රතිරූපය නංවාගන්න $ මිලියන ගණනක් වැය කලැයි ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියට චෝදනා

ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා ඩොලර් මිලියන ගණනක මුදල් වැය කර ඇති බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ට චෝදනා එල්ල වනවා.

2021-22 වසර සඳහා ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඇයගේ කාර්යාලය විසින් වියදම් කර ඇති මුදල ඩොලර් මිලියන 9.4 ක් බවයි අනාවරණ වී ඇත්තේ.

මින් ඩොලර් මිලියන 5 කට ආසන්න මුදලක් කොවිඩ් වෛරසය සම්බන්ධ දැනුවත් කිරීම් සඳහා බවත් හෙළිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඩොලර් මිලියන 4.5 කට ආසන්න මුදලක් වැය කර ඇත්තේ මාධ්‍ය මෙහෙයුම් – වෙළඳ දැන්වීම් සහ වෙළඳපොළ අධ්‍යයන කටයුතු සඳහායි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලින් පුහුණු ශ්‍රමිකයන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ගෙන්වා ගැනීම සඳහා වන ප්‍රචාරක වැඩපිළිවෙලක් වෙනුවෙන් ඩොලර් මිලියන 1.4 ක මුදලක් වැය කර ඇති බවටත් ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියට චෝදනා එල්ල වනවා.

මේ අතර 2015 දී බලයට පැමිණීමේදී ක්වීන්ස්ලන්ඩ් අගමැතිනියට සිටි මාධ්‍ය කණ්ඩායම මේ වනවිට 195 දෙනෙකුගෙන් වැඩිවී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »