
ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට තවත් අමතර ඩොලර් මිලියන 25 ක මූල්‍යාධාරයක් පිරිනැමීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා.
පසුගිය ජූනි මාසයේදීත් ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක මූල්‍ය සහනයක් පිරිනමනු ලැබුවා.
ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔස්ටේ්‍රලියාව විසින් මාස 03 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත මුදල ඩොලර් මිලියන 75 ක්.

ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහායි ඇන්තනී ඇල්බනීස් රජය විසින් මෙම මුදල ලබාදීමට සැළසුම් කර ඇත්තේ.
අසීරු අවධියක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයදීමට සූදානම් බවයි ඔස්ටේරලියා විදේශ ඇමතිනී පෙනී වොංග් සඳහන් කර ඇත්තේ.
