කටුනායක ගුවන් තොටුපළට රන් මාවතක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා රන් මාවත නමින් නව සේවා පර්යන්තයක් විවෘත කෙරුණා.

ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සදහා පෝලිම් වල නොසිට, මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකියි.

මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කර ගනු ලබන අතර ඔන්ලයින් ක්‍රමයට එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකි වනවා.

මෙහිදී අදහස් දැක්වූ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල කියාසිටියේ ලබන 20 වන දින සිට කටුනායක ගුවන් තොටුපළේ සිට ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිගයකින් තොරව නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

මත්තල ගුවන් තොටුපළ ප්‍රතිව්‍යුහගත කරමින් එහි කොටස් විදේශීය ආයෝජකයන්ට පැවරීමට අදහස් කර ඇති බවද ඔහු සඳහන් කලා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »