තාක්ෂණික දෝෂයක් හේතුවෙන් Woolworths වෙළඳසැල් රැසක භාණ්ඩ අලෙවියට බාධා

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව පුරා Woolworths වෙළඳසැල් රැසක භාණ්ඩ අලෙවියට බාධා එල්ල වී තිබෙනවා.

අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් සඳහා මෙහිදී බාධාවක් එල්ල වි නැහැ.

එහෙත් Woolworths Metro වෙළඳසැල් රැසක කාඩ් පත් මගින් මුදල් ගෙවීම් සහ සාමාන්‍ය මිළදී ගැනීම් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

අදාළ දෝෂය හැකි ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි Woolworths නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා ස්ථාපිත Woolworths වෙළඳසැල් සංඛ්‍යාව 1100 කට ආසන්නයි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »