මෙල්බන් වාසීන්ට නොමිළයේ දුම්රිය ගමන්

වික්ටෝරියා ප්‍රාන්තයේ දුම්රිය මගීන්ට එක් දිනයක් පුරා නොමිළයේ ගමන් පහසුකම් ලබා ගැනීමට නැවතත් අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ අඛණ්ඩව 02 වන වසරටත් නියමිත කාල වේලාවන්ට දුම්රිය ගමන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙනුයි.

නියමිත වේලාවට දුම්රිය ධාවනය කිරීමේ ප්‍රතිශතය සියයට 92 ක් ලෙස පැවතිය යුතු නමුත් පසුගිය ජූලි මාසයේ එම ප්‍රතිශතය සටහන් වී ඇත්තේ සියයට 91.6 ක් ලෙසයි.

මේ අනුව ජූලි මාසයේ අවම දින 10 ක් හෝ Myki Pass භාවිත කල දුම්රිය මගීන්ට ඉදිරියේදී එක් දිනයක නොමිළයේ මෙට්‍රෝ දුම්රිය භාවිත කල හැකි වනවා.

සේවක හිගය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් නියමිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වු බවයි වික්ටෝරියා දුම්රිය සේවය සඳහන් කලේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »