ඔස්ටේ්‍රලියා කොවිඩ් එන්නත්කරණය ප්‍රමාද වූ බවට නවතම වාර්තාවක්

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් එන්නත්කරණය ආරම්භවූයේ ප්‍රමාදවී බව නවතම විගණන වාර්තාවක් අනාවරණය කරනවා.

Aged care සහ ආබාධිත ජනතාව එන්නත්කරණයට ප්‍රමුඛතාවය නොදීමද අතපසු කිරීමක් බවටයි එමගින් චෝදනා කර ඇත්තේ.

2021 වසර අවසානය වනවිට ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් සියයට 90 ක් පමණ එන්නත්කරණයට ලක් කර අවසන් කෙරුණද එහි සාර්ථකත්වය අඩු ප්‍රතිශතයක පැවති බවටයි අනාවරණ වී ඇත්තේ.

විශේෂයෙන් ප්‍රමුඛතා කාණ්ඩ එන්නත්කරණයට ලක් කර අවසන් කිරීම පළමුවෙන් සිදුකල යුතු වුවද එය නිසි ලෙස සිදුව නොමැති බවත් මෙම වාර්තාවේ සඳහන් වුණා.

මේ අතර ස්වදේශික ජනතාව අතර 03 වන මාත්‍රාව ලබාගැනීමට වැඩි පිරිසක් අකමැත්තෙන් පසුවන බවද මෙහි දක්වා තිබෙනවා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »