නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ වන ලකුණු!

නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් ආරම්භ වන ලකුණු! Australia-New Zealand travel bubble could happen before Christmas!

නත්තලට පෙර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් (Travel bubble) ක්‍රියාත්මක විය හැකි බව නවසීලන්ත නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් පවසයි. කෙසේ වෙතත්, එය රඳා පවතින්නේ වත්මන් කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙනය​.

මෙම සංචාරය අතරතුරේදී නැවතත් කොරෝනා වයිරසයේ වැඩි වීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ hotspots ලෙස නම් කර එම ප්‍රදේශයන් හි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් අත් හිටුවීම සඳහා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ගේ යෝජනාව අනුගමනය කිරීමෙන් සංචාරය ආරක්ෂිතව කළ හැකි බව පීටර්ස් මහතා පැවසීය.

නවසීලන්ත වැසියන්ට සති කිහිපයක් ඇතුළත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත යාමට ඉඩ දීම සඳහා travel bubble එකක් සැකසිය හැකි බවට යෝජනා වී ඇතත් තවමත් එය තහවුරු කර නොමැත.

 

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »