පිටුවහල් නොකරන්නැයි ස්කොට්ලන්ත තරුණිය ගොණුකල පෙත්සම ඉවතට

තමන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත්

කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

පෙත්සම්කාරිය සිය පෙත්සමේ දක්වා තිබුණේ, තමා ගාලූ මුවදොර අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බැවින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තම වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කර ඇති බවයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි කෙලිග් ෆ්‍රේසර් තරුණිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »