මෙල්බන් ට්‍රෑම් රථයකදී ළමයෙකු පැහැර ගන්න ගිය අයෙකු අත්අඩංගුවට

මෙල්බන් ට්‍රෑම් රථයකදී කුඩා පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට තැත්කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Box Hill, Elgar Road හි ධාවනය වෙමින් තිබු අංක 109 දරන ට්‍රෑම් රථය තුළයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

39 හැවිරිදි සැකකරු පිරිමි ළමයා සිය ග්‍රහණයට ගෙන ඇති අතර එහි සිටි කාන්තාවක විසින් එය වළකා ඇතැයි සඳහන්.

සැකකරු පසුව දරුවා අතහැර දමා Box Hill Central shopping centre.වෙත පළාගොස් තිබුණා.

එහිදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවාට කිසිදු හානියක් සිදුවී නැහැ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »