ඔස්ටේ්‍රලියාවත් තැපැල් ගාස්තු ඉහළ දමයි

සැප්තැම්බර් 05 වනදා සිට සියලුම තැපැල් ගාස්තු ඉහළ දැමීමට Australia Post තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ උද්ධමනය ඊට සෘජුවම බලපා ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මේ අනුව දේශීය පාර්සල් ගාස්තු සියයට 4.5 කින් ඉහළ යන අතර ග්‍රෑම් 500 ක පාර්සලයක නව තැපැල් ගාස්තුව ඩොලර් 9.70 ක් බවට පත් වනවා.

කිලෝ 05 ක පාර්සලයක් ඩොලර් 20.05 ක් දක්වා ඉහළ යන බවයි Australia Post නිවේදනය කලේ.

විදෙස් තැපැල් ගාස්තු ඉහළ දමා ඇත්තේ සියයට 4.8 කින් වන අතර කිලෝ 01 ක පාර්සලයක් වෙනත් රටකට යැවීම සඳහා ඩොලර් 53.50 ක ගාස්තුවක් වැය වනු ඇති.

New Australia Post prices

Size Maximum weight Zone 1: New Zealand Zone 2: Asia Pacific Zone 3: US and Canada Zone 4: UK and Europe Zone 5: Rest of the world
Small satchel 500g $17.90 $23.50 $25.90 $31 $37.50
Medium satchel 1g $24.05 $34.50 $37.80 $43.50 $53.50
Large satchel 2kg $36.35 $56.50 $61.60 $68.50 $85.50
Box 5kg $60.95 $91 $102.10 $113.50 $146.10

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »