Search

ධනිෂ් අලිට එක නඩුවකට ඇප

පසුගිය ජූලි 9 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත රිමාන්ඩ් කර සිටි ධානිෂ් අලී නැමැත්තාට ඇප හිමිව තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කරමින්.

මේ අතර ඔහුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන

ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියම කර තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »