
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයට පුහුණුවන සහ P පුවරු (p-plate) සහිත රියදුරන් යන දෙකොට්ඨාශයම රියදුරු පරීක්ෂණ ගාස්තුවලින් නිදහස් කර තිබෙනවා.
එමගින් වසරකට වික්ටෝරියා හි L සහ P පුවරුලාභීන් 250,000 කට පමණ පහසුකම් සැලසෙනු ඇති බවයි ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.
මීට අමතරව රියදුරු බලපත්‍රය ගැනීමට අදාළව පසුගිය වසරේ සිට ඔන්ලයින් ක්‍රමයට යොමුකරවන ලද පරීක්ෂණ කිහිපයක්ද ගාස්තුවලින් නිදහස් කර තිබෙනවා.

මේ හරහා ආධුනික රියදුරෙකුට ඩොලර් 51 ක් ද P පුවරු ලාභියෙකුට ඩොලර් 133 ක් ද ඉතිරි වනු ඇති.
මීට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ safe driver වට්ටම් ක්‍රමවේදය නැවත බලාත්මක කිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ යටතේ පසුගිය වසර 03 පුරාවට කිසිදු රියදුරු වරදක් සිදුනොකල රියදුරන්ට, ඔවුන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කිරිමේදී සියයට 25 ක වට්ටමක් හිමිවනවා.
ලබන ඔක්තෝබර් පළමුවනදා සිට එය බලාත්මකයි.