
උද්ගතව ඇති දැඩි සේවක හිගයට පිළියමක් ලෙස වාර්ෂිකව නිකුත් කරන පුහුණු නිපුණතා වීසා (Skilled migrant visa) සංඛ්‍යාව 40,000 කින් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව දැනට සාමාන්‍යයෙන් නිකුත් කරන 160,000 ක් වන වීසා බලපත් සංඛ්‍යාව ලක්ෂ 02 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.
මීට අදාළ යෝජනාව ලබන ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් රජයේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

කොවිඩ් තත්වය හමුවේ වසර 02 ක් පුරා දේශ සීමා වසා දමා තිබීම හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් රටට නොපැමිණිම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව දැනට රට තුළ විවිධ ක්ෂේත්‍රවල ඇබෑර්තු 480,100 ක් පමණ පවතින බව සඳහන්.

එය 2020 වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේදී සියයට 111 ක ඉහළයාමක්ද වනවා.
සේවක හිගයට එක් විසඳුමක් ලෙස වයස අවුරුදු 66 ට වැඩි විශ්‍රාමිකයන් මාස 06 ක කාලයක් සඳහා යළි සේවයට බඳවා ගැනීමටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
එමෙන්ම දරුවන් child care සඳහා යොමුකර මව්වරුන් ශ්‍රම බලකායට බඳවා ගැනීමට වැඩි වශයෙන් සහන දීමද තවත් යෝජනාවක්.